ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
අද(15) එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමුවීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍යවරයා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරමින් ඊයේ පස්වරුවේ නවදිල්ලි නුවරට ළඟා වුණි.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දියානු වාණිජ සහ කර්මාන්ත අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසිනි.
නව රජය බලයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු විදෙස් සංචාරය මෙය වේ.
අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.
සාකච්ඡා වලින් අනතුරුව දෙරටට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට ද නියමිත බව වාර්තා වෙයි.
අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා ඉන්දියානු ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකවරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ඉන්දියානු සංචාරය තුළදී ඉන්දියානු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමග ද සාකච්ඡා පවත්වනු ඇත.
මේ අතර ජිනීවා මානව හිමිකම් කොමිසමට සහභාගී වී සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ද අද දිනයේ ඉන්දියාවට පැමිණීමට නියමිතය.

EmoticonEmoticon