වයඹ දිග ස්පාඤ්ඤයේ මෝටර් රථ ධාවන තරඟයක් අතරතුර රථයක් ධාවන පථයෙන් ඉවතට
විසිවී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ස්පාඤ්ඤයේ ගැලිෂියා ප්‍රාන්තයේ කරාල් නගරයේ පැවති කොරූනා මෝටර් රථ ධාවන
තරඟයේදී ඊයේ (05) පස්වරුවේ අනතුර සිදුව ඇත. මියගිය අය අතර, ගැබිණි කාන්තාවක්ද සිටිනවා. තවත් පුද්ගලයන් 16 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අනතුර සිදුවීමත් සමඟ ධාවන තරඟය අත්හිටවූ අතර, සිද්ධිය පිළිබඳ ස්පාඤ්ඤ රජය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.







EmoticonEmoticon