නිධන් හෑරු 5ක් පොලිස් කූඩුවේ

12:37 PM
කැකිරාව සහ කොක්කඩිචෝලෙයි ප්‍රදේශවලදී නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණිම් සිදුකළ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර කොට්ඨාශ පුරාවස්තු ආරක්ෂණ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (05) සවස නිධන් හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මොවුන් කැකිරාව සහ අහංගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර මඩකලපුව - කොක්කඩිචෝලෙයි - තේක්කවත්ත ප්‍රදේශයේ දී ද නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් තුන්දෙනෙකු ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් කරදියන්ආරු ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Share this

Related Posts

Previous
Next Post »