සීනි, තෙල්, ලූණු ආශ්‍රිත නිෂ්පාදනවල බදු ඉහළට?

9:34 PM
සීනි, තෙල් හා ලූණු ආශ්‍රිත නිෂ්පාදනවල බදු වැඩි කිරීමට තමන් මුදල් අමාත්‍යාංශයට යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ලෝක හදවත් දිනය සැමරීමේ ජාතික උත්සවයට කොළඹ දී අද(29) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. බෝ නොවන රෝග අවම කරගැනීමට නම් දේශපාලන වශයෙන් අවාසි වුණත් මෙවැනි තීරණ ගත යුතු බවයි ඔහු කියා සිටියේ. 

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »