ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කරන
යෝජනාවට හවුල්වීමෙන් වළකින්නැයි ඒකාබද්ධ විපක්ෂය රජයෙන් අද(29) ඉල්ලීමක් කළා.
අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන එක්සත් පෙරමුණේ නායක
දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ රජය දැනටමත් ඇමරිකාව ඉදිරිපත් කර ඇති යෝජනාවට
එකඟවන බව ප්‍රකාශ කිරීමෙන් විශාල පාවාදීමක් සිදුකර ඇති බවයි.
මෙම මාධ්‍ය
හමුවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද
එක්ව සිටියා. ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්,
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙහිදී ප්‍රශ්න කළේ උගත් පාඩම්
කොමිසමේ නිර්දේශ ලෝකය පිළිගෙන තිබියදී ජාත්‍යන්තර මැදිහත්වීමකට මග පාදන්නේ
ඇයිද යන්න පිළිබඳවයි.

EmoticonEmoticon