දේශිය අනන්‍යතාවන් හඳුනාගෙන ස්වාධීන ජාතියක් ලෙස ගොඩනැගීම සඳහා අනගාරික
ධර්මපාලතුමාගේ දර්ශනය උපයෝගිකර ගත යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ධර්මපාල තුමන් සිටි යුගයේදී මෙන්ම වර්තමානයේදී ද විදේශිය ගැති සමාජ ක්‍රමයක් රට තුළ නිර්මාණය වී ඇති බවයි.පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවැති අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්මදින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජාතියක් ලෙස නැගී සිටින ආකාරයත්, බෞද්ධ ආගමික ප්‍රබෝධයක් හා පුනර්ජිවනයක් ඇති කිරීමත්, රට තුළ විනය ගරුක යහපත් සමාජයක් ගොඩනැගීමත්, ධර්මපාලතුමාගේ දර්ශනයෙන් උපුටාගත යුතු බවයි.
ඇතැම් අන්තවාදින් ධර්මපාල තුමා සිංහල ජාතිය වෙනුවෙන් පමණක් කටයුතු කළ අයෙකු බවට වැරදි ලෙස විග්‍රහ කිරීම පිළිගත නොහැකි බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවා.
(Ada derana)
EmoticonEmoticon