පාකිස්ථානයේ - පේෂාවර් නුවර - බදාබර් ගුවන් හමුදා කඳවුරට අද (18) අලුයම් කාලයේ
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සන්නද්ධ පුද්ගලයන් 10 දෙනෙකු පමණ
ගුවන් කඳවුරේ මුරපොලට පහරදී ඊට ඇතුළු වූ බවයි පාකිස්ථාන ගුවන් හමුදාව සඳහන්
කළේ.
කෙසේ නමුත්, ප්‍රහාරයට පැමිණි 6 දෙනෙකු හමුදා ප්‍රතිප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. උසස් නිලයක් ඇතුළු හමුදා නිලධාරීන් දෙදෙනෙකුටද තුවාල සිදුවී ඇත.
පේෂාවර්, පාකිස්ථානයේ තලෙයිබාන් ප්‍රහාරවලට නිරන්තරයෙන් ගොදුරුවන ප‍්‍රදේශයක්. පසුගිය දෙසැම්බර් මාසයේදී එහි හමුදාව මගින් පවත්වාගෙන යන පාසලකට එල්ල වූ තලෙයිබාන් ප්‍රහාරයකින් ළමයින් ඇතුළු පුද්ගලයන් 150 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.

EmoticonEmoticon