FIFA මහලේකම් ඉවතට

11:34 AM
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මහ ලේකම් ජෙරෝම් වැලේක් තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. නැවත දැනුම් දෙන තුරු ඔහු රාජකාරිවලින් නිදහස් කර අනිවාර්ය නිවාඩු යවා ඇති බවයි ෆීෆා ආයතනය ඊයේ (17) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ. 

2007 වසරේ සිට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මහලේකම්වරයා ලෙස කටයුතු කරන ජෙරෝම් වැලේක් ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයේ ප්‍රවේශ පත්‍ර වංචාව සම්බන්ධයෙන් සැකය යොමුවී ඇති නිලධාරියෙක්. ෆීෆා සභාපති සෙප් බ්ලැටර් ගෙන් පසු නව සභාපතිවරයා ලෙස පත් කිරීමට ද ජෙරෝම් වැලේක්ගේ නම යෝජනා වී තිබුණා. 

පසුගිය මැයි මාසයේ සිට ෆීෆා ආයතනයේ දූෂණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී ෆීෆා නිලධාරින් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනේ ඒ අනුවයි.

Share this

Related Posts

Previous
Next Post »