මත්තලට වී එපා කී 7කට නොතීසි

2:56 PM
මත්තල ගුවන්තොටුපළේදී සංවිධානාත්මක ලෙස කලබල කළැයි කියන පුද්ගලයන් 7 දෙනකුට ලබන 5 වැනිදා තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටින ලෙස අද (3)  නොතීසි නිකුත් කළා.

එම පිරිස අතර ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු, මත්තල ගුවන්තොටුපලේ පරිපාලන නිලධාරියෙකු සහ ආරක්ෂක නිළධාරියෙකු ද ඇත.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගබඩාවක් වී ගබඩාවක් ලෙස භාවිත කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව ඊයේ (02) සිට වී තොග රැගෙන ඒම ආරම්භ කළා.

එයට විරෝධය පළ කරමින් සේවකයන් පිරිසක් හා ගම්වාසීන් පිරිසක් අද පෙරවරුවේ ගුවන්තොටුපොළ පිවිසුම් මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වුණා. එලෙස විරෝධය ප්‍රකාශකළ පුද්ගලයින් 7 දෙනෙකුටයි නොතීසි නිකුත්කර තිබුනේ.

ඡායාරුප - අනුර එස් ලියනගේ




Share this

Related Posts

Previous
Next Post »