විපක්ෂ නායක ධුරය ගැන විමල්ගේ ප්‍රකාශයත් සමඟ සභාව උණුසුම් වෙයි (video)

2:28 PM
8 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පිළිගන්නා බව කථානායකවරයා අද (03) නිවේදනය කළා. ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට ආරම්භ කළ අවස්ථාවේදියි.  

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමන්ට ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් විපක්ෂ නායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා නොදීම සම්බන්ධයෙන් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විරෝධතාව පළ කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 56 දෙනෙකුගේ අත්සනින් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායක කළ යුතු බවට ජනාධිපතිවරයා වෙත යොමුකර තිබූ ලිපිය පිළිබඳවයි මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වූයේ. එම අවස්ථාවේදී උණුසුම් අදහස් හුවමාරුවක් සිදුවූ අතර, ඊට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ සභා නායකවරයාද මැදිහත් වුණා.

ලිපිය යොමුකර ඇත්තේ පක්ෂ සභාපතිට බැවින් ඊයේ (02) නිදහස් පක්ෂයේ 64වෙනි සැමරුමේ දී ඒ පිළිබඳ තීරණයක් ගත යුතුව තිබූ බව අගමැතිවරයා පෙන්වා දුන්නා. එම නිර්දේශය කතානායකවරයාට දැනුම්නොදී හිස් වචන කතා කිරීම සුදුසු නොවන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

එවැනි ලිපියක් තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි කථානායක කරු ජයසූරිය සඳහන් කළේ.

කෙසේ නමුත් කථානායක කරූ ජයසූරිය කියා සිටියේ පෙරවරු 11.30 ට විපක්ෂ නායකවරයා තෝරාගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිළි කිරීමක් සිදුකරන බවයි. 
https://www.youtube.com/watch?v=P2iTrMFFI08
(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »