රට සිගරට් 44,000ක් සමඟ ලාංකික යුවළක් මාට්ටු

3:06 PM
රුපියල් හාරලක්ෂ හතලිස් එක් දහස් හාරසීයක්(රු.4 41,400) වටිනා විදේශීය සිගරට් හතලිස් හතර දහස් එකසිය හතලිහක් (44,140)  ගමන් මලූවල සගවාගෙන සාජා සිට පැමිණි ශ්‍රී ලාංකික යුවලක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම ශ්‍රී ලාංකික යුවළ  කොළඹ 12 පදිංචි, 40 හැවිරිදි වියේ පසුවන්නන් බව රේගුව කියයි.

මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ  408 දරණ ගුවන් යානයෙන් මොවුහු මෙරටට පැමිණ ඇත.

මේ පිළිබඳ රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මිහිර පියරත්න මහතා විසින් එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් දඩ නියම කොට එම සිගරට් තොගය රාජසන්තක කර ඇත.


Share this

Related Posts

Previous
Next Post »