කුරුණෑගල දිස්ති‍්‍රක් සම්බන්ධිකරණ ධූරය මහින්දට

9:24 AM
කුරුණැගල දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.

කැබිනට් අමාත්‍ය ධුරයකට සමාන බලතල සහ පහසුකම් දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙකුට හිමිවනු ඇති. එම සභාපති ධුරය පිරිනැමෙන්නේ ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එ් එ් පක්ෂ, මැතිවරණ දිස්ති‍්‍රක්ක ජයග‍්‍රහණය කළ ආකාරයටයි.

එ් අනුව එක්සත් ජාතික පක්ෂයට දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සභාපති ධුර 11ක්ද , එක්සත් ජනතා නිදහස් සන්ධාන සභාපති ධුර 8ක්ද හිමිවනු ඇති. දෙමළ ජාතික සන්ධානයට දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ සභාපති ධුර 3ක් හිමිවීමට නියමිතයි.

Share this

Related Posts

Previous
Next Post »