ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති තුන්වන
සහ අවසන් ටෙස්ට් තරඟය ලකුණු 117 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම අද (01)
සමත්වුණා. ඒ අනුව 2-1 ලෙස තරඟාවලියේ ජය හිමිවුණේද ඉන්දීය කණ්ඩායමටයි.
ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව තුළදී ටෙස්ට් තරඟාවලියක් ජයගන්නේ වසර විසි
දෙකකට(22) පසුවයි.
මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 312 ක්ද, දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 274 ක්ද, රැස් කළා.
මෙම තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 312 ක්ද, දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 274 ක්ද, රැස් කළා.
පළමු
ඉනිමේදී ලකුණු 201 ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ
ඉලක්කය ලකුණු 386ක්. එහෙත් ශ්‍රී ලංකා කන්ඩායම සිය දෙවන ඉනිම සඳහා
සියලූදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 268 ක් පමණයි. නායක ඇන්ජලෝ මැතිව්ස්
එහිදී ලකුණු 110 ක් රැස් කළා.
තරඟයේ වීරයා ලෙස චේතීෂ්වර් පුජාරා නම් කෙරුණු අතර, තරඟාවලියේ වීරයා වූයේ රවිචන්ද්‍රන් අශ්වින්.
තරඟයේ වීරයා ලෙස චේතීෂ්වර් පුජාරා නම් කෙරුණු අතර, තරඟාවලියේ වීරයා වූයේ රවිචන්ද්‍රන් අශ්වින්.


EmoticonEmoticon