අම්පාරේ ගොවීන්ට දයාගෙන් සරණක්

1:22 PM

අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් වී අළෙවි කිරීමේ දී මුහුණ පා ඇති ගැටලූවට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසුවා.

 ඊයේ (05) දහවල් අම්පාර ගොනාගොල්ල සහ වීරගොඩ ප්‍රදේශවල පිහිටි වී මිළ දී ගැනීමේ මධ්‍යස්ථාන වල හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එතුමා මේ බව පවසනු ලැබුවා.

රජය විසින් ගොවීන්ගේ වී සඳහා ඉහළ මිළක් ලබා දීමට පියවර ගැනීමත් සමඟ මින් පෙර වසර වලට සාපේක්ෂව වැඩි අස්වැන්නක් කඩිනමින් අළෙවි කිරීමට ගොවීන් යොමු වීමත් සමඟ දිස්ත්‍රික්කයේ වී මිළ දී ගැනීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව යම් තදබදයක් නිර්මාණය වී ඇත. මෙම තත්ත්වය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා කියා සිටියේ අලූතින් වී මිළ දී ගැනීමට හැකිවන පරිදි වහාම දැනට ගබඩා තුළ ඇති වී තොග වෙනත් ස්ථාන කරා නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.

එසේම වී ගබඩා අසල ගොවීන්ගේ පෝළිම් ඇති වීම වැලැක්වීම සඳහා ජංගම රථ මඟින් වී මිළ දී ගැනීමට කටයුතු කරන ලෙස ද එතුමා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්ණා.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වී අළෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා ද සහභාගී වුණා.

Share this

Related Posts

Previous
Next Post »