රිය අනතුරකින් හිමි නමක් මරුට

11:09 AM
ත්‍රීවිල් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිවිල් රථයේ ගමන් ගත් හිමිනමක් අපවත් වී ත්‍රීවිල් රථයේ ගමන්ගත් රියදුරු හා තවත් දෙදෙනකු රෝහල් ගත කර තිබෙනවා.

රබ්බේගමුව බොල්ලෑගල පුරාණ විහාරයේ විසූ ඒ හිමියෝ  අවමගුල් උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් දන්තුරේ සිට පිළිමතලාව දක්වා  එන අතරතුරදී දන්තුරේ දෙසට ධාවනය කල ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් පසු රෝහල්ගත කිරීමෙන් පසු අපවත් වී ඇත.

සියඹලාගොඩ අයගම දි ඊයේ (17) අනතුර සිදුවී ඇති අතර ත්‍රීරෝද රියදුරු මහනුවර මහ රෝහලටත් එහි ගමන් ගත් අනෙක් දෙදෙනා පේරාදෙණිය රෝහලටත් ඇතුළු කළ බව කඩුගන්නාව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Share this

Related Posts

Previous
Next Post »