ශ්‍රී ලංකාව ගැන එක්සත් ජාතික්ගේ මානව හිමිකම් අවසන් වාර්තාව 24 දා

3:26 PM
ශ්‍රී ලංකාව ගැන එක්සත් ජාතික්ගේ මානව හිමිකම් වාර්තාවේ අවසන් වාර්තාව ලබන 24 වැනි දා නිකුත් කරන තෙක් කිසිදු තීරණයක් ගැනීමට නොහැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොම්සම විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව මේ වන විට ශ්‍රී ලංකා රජය හොඳින් අධ්‍යයන කරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාරත්මේන්තුවේ අද (17) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එම වාර්තාවේ යුද අපරාධ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙක් නම් කර නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා යුද අපරාධ තිබේනම් ඒවා පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා තිබෙන බව එම වාර්තාවේ පෙන්වා දී තිබෙන බව ද සඳහන් කළේය.

ඒ මහතා ප්‍රකාශ කළේ යුද්ධය අවසානයේ පැවති ගැටුම් සම්බන්ධයෙන් අදාළ දෙපාර්ශයට ම චෝදනා කර තිබෙන බවයි.

වත්මන් රජය ගෙන යන යහපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එම වාර්තාවේ ප්‍රශංසා කර තිබෙන බවත් ආරක්ෂක අංශ කැළඹවීම සම්බන්ධයෙන් ප්‍රචාර ගෙන ගියත් එම වාර්තාවේ එවැනි දෙයක් සිදු වී නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share this

Related Posts

Previous
Next Post »