චිලී රාජ්‍යයට සුනාමි අවධානමක්

3:34 PM
චිලී රාජ්‍යයට ආසන්න පැසිෆික් සාගරයේ අද අළුයම රික්ටර් මාපකයේ 8.3ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි බීබීසී පුවත් සේවය සඳහන් කරයි.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් චිලී රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇත.

පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වන අතර මිලියනයකට අධික වෙරළබඩ ආසන්නයේ පදිංචිකරුවන් විපතට පත්ව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ. මේ වන විට එරට වෙරළබඩ ආසන්නයේ සිටින ජනතාවට ඉන් ඉවත්වන ලෙස බලධාරීන් විසින් දැනුවත් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම භූමිකම්පාවෙන් මීටර් 4.5ක් (අඩි 15ක්) පමණ උසකින් රළ පහර චිලී රටේ Coquimbo කලාපයේ වෙරළ තීරය ආක්‍රමණය කර ඇතැයි බීබීසී වාර්තා කරයි.

පසුකම්පන කිහිපයක් ද සිදුව ඇති අතර මෙම විපතින් නිවාස රැසක් ගොඩනැගිලි කිහිපයක් හානියට පත්ව ඇත.

මෙම භූකම්පනයෙන් පසු පේරු, හවායි, කැලිෆෝනියා රාජ්‍යයේ ප්‍රදේශ කිහිපයකට සහ නවසීලන්තයටත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.

චිලී රාජ්‍යය යනු ලොව වඩාත්ම භූකම්පන හටගත් ස්ථාන අතරින් එකක් වන අතර 1960 දී චිලී රටට බලපෑ රික්ටර් මාපකයේ අංශක 9.5ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනය ලොව මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූමි කම්පාව යි.

ජීවිත 500කට අධික ප්‍රමාණයක් සොරාගනිමින් 2010 වසරේ පෙබරවාරි මාසයේ දීද රික්ටර් මාපකයේ අංශක 8.8ක ප්‍රබලත්වයෙන් යුතුව හටගත් භූකම්පනයක් චිලී රාජ්‍යයට පහර දුන්නේය.

Share this

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng