කොළඹ පිටත වටරවුම් මාර්ගය අද පස්වරු තුනට මහා මාර්ග
ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත විය. ඒ සමගම වාහන ගමනා ගමනයට ද
අවශ්‍ය කටයුතු සලසන බවයි මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස්. ඕපනායක මහතා පැවසුවේ.
අද ජනතා අයිතියට පත් කෙරුණු මෙම පිටත වටරවුම් මාර්ගයේ
දෙවැනි අදියර කොට්ටාව සිට ගාල්ල, මාතර දක්වා දැනට විවෘතව පවතින දක්ෂිණ අධිවේගී
මාර්ගයේ දිගුවක් ලෙස රට මැදින් ඉදිරියට ගොඩනැගෙයි.
කඩුවෙල සිට කඩවත දක්වා වටරවුම් මාර්ගයේ දිග කිලෝමීටර් 9ක් වන අතර මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 44ක්.
කඩුවෙල සිට කඩවත දක්වා ඉදිකළ මෙම පිටත වටරවුම් මාර්ගය කොළඹ – මහනුවර – දඹුල්ල දක්වා දිවෙන අධිවේගී මාර්ගයටත්, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයටත් සම්බන්ධ කිරීමට ඉදිරියේදී සිදු වෙනු ඇත.

EmoticonEmoticon