20වන දියවඩන නිළමේ කවුද? නිලවරණය හෙට

4:42 PM
මහනුවර - ශ‍්‍රී දළඳා මාලිගාවේ 20 වන දියවඩන නිළමේවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණය හෙට පස්වරු 1.30 ට මහනුවර බෞද්ධ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා අපේක්ෂකයින් සිව් දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 301 ක්.

ශ‍්‍රී දළඳා මාලිගාවේ වැඩබලන නිලමේවරයා ලෙස දැනට කටයුතු කරන ප‍්‍රදීප් නිලංග දෑල, හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජේරත්න, මහනුවර ශ‍්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ නීතීඥ ගයාන් හෂිල හීන්කෙන්ද, සහ ඇම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිළමේ ධුරය දැරූ සුදත්ත සේනානායක, දියවඩනේ නිලමේ ධුරය සඳහා තරඟ කරනවා.

ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාව 150 ක්. ඊට අමතරව, බස්නායක නිළමේවරුන් 31 දෙනෙකු, දිස්ත‍්‍රික්ක 16 ක ප‍්‍රාදේශීය ලේකම්වරු 120 දෙනෙකු ද ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කියා සිටියේ.

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »