මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය භාවිතා කරන
රියදුරන් වාහනවල ප්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙසට පොලීසිය
ඉල්ලීමක් කරනවා.
මෙම මාර්ගයේ වටවල - රොසැල්ල සිට කිතුල්ගල දක්වා ප්‍රදේශයේ
අධික මීදුම් තත්ත්වයක් පවතින බවයි පොලීසිය පැවසුවේ. මේ හේතුවෙන් වාහන
ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

EmoticonEmoticon