පසුගිය සිකුරාදා දිනයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ලැබුව ද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම පසුවට කල් දැමුණි.
ඒ අනුව හෙට දිනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී නව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දෙනු ඇත.
මෙවර නියෝජ්‍ය හා රජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කර නු ලබයි.
මෙම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යධුර 27 ක් එක්සත් ජාතික පක්ෂයට හිමි වන අතර සෙසු අමාත්‍යධුර හිමි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය.
මේ අතර ජාතික ආණ්ඩුවේ ඇමතිධුර 48 ක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුවද පසුගියදා දිවුරුම් දෙනු ලැබුවේ ඇමතිවරුන් 42 දෙනෙකු පමණය.
මංගල සමරවිර මහතා විදේශ අමාත්‍යධුරයේ මීට පෙර දිවුරුම්දිම සිදු කෙරුණි.
ඒ අනුව සෙසු කැබිනට් අමාත්‍යධුර 03 සඳහා වන මන්ත්‍රීවරුන් ද හෙට දින දිවුරුම්දිමට නියමිතය.
මින් මන්ත්‍රීධුර 02 ක් නිදහස් පක්ෂයට හිමිවන අතර එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රීධුරයක් හිමිවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර නව අමාත්‍ය මණ්ඩලය සඳහා වන විෂයන් ගැසට් කිරිම මෙම සතිය තුළ සිදු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
අමාත්‍ය මණ්ඩලයේ නම් ගැසට් කිරිමෙන් අනතුරුව මෙය සිදු කිරිමට නියමිත බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ දක්වාත් නව අමාත්‍ය මණ්ඩලයේ නාම ලේඛනය රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
බොහෝ දුරට අදාළනාම ලේඛනය නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව ලැබෙනු ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
(adaderana)

EmoticonEmoticon