පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් ඇය සඳහන් කර තිබුණේ නතර කරපු තැන සිට යළිත් නිළි ජීවිතය ද පටන් ගන්නා බවයි. පුවත්පත සමග කළ සංවාදයේ දී පලකළ අදහස් කිහිපයක් පහත දැක්වෙනවා.
පාර්ලිමේන්තුවට නැවත යාමට නොහැකි වීමද මේ කනගාටුවට හේතුව?
නැහැයි කියන්නත් බැහැ. පුංචි හිත් වේදනාවක් නැතුවාමත් නෙමේ.
ජනතාව මෙවර ඔබව ප්‍රතික්ෂේප කළේ ඇයි කියලා හිතෙන්නේ නැද්ද?
මම දන්නෑ ඊට හේතුව. හැබැයි මට ජනතාව වෙනුවෙන් සැලසුම් ගොඩක් තිබුණා. ඒවා ඉටුකර ගන්න බැරිවීම ගැන දුකක් තියෙනවා. හැබැයි පාර්ලිමේන්තු යෑමට බැරිවීම ගැන මහා දුකක් නෑ. මම හිතනව මට පාර්ලිමේන්තු වරම් අහිමිවීම ජනතාවගේ අභාග්‍යයක් මිස මගේ අභාග්‍යයක් නමෛයි කියලා.
ඉතින් යළි රංගනයට ඔබ එනවාද?
අනිවාර්යයෙන්ම එනවා. නතර කරපු තැන ඉඳන් යළිත් මම මගේ නිළි ජීවිතය පටන් ගන්නවා. මේ දිනවල හොඳ නිර්මාණ භාරගන්නවා. පහුගිය කාලේ කරපු ටෙලිනාට්‍ය හා චිත්‍රපට කිහිපයක්ම එන්නත් තියෙනවා. “සිහින සින්ඩරෙල්ලා”, “මායා”, “රශ්මි”, ම්.... තවත් කිහිපයක් නම් මතක නෑනේ.
යළි විවාහයකට යන්න හිතෙන්නේ නැද්ද?
හිතන් ඉන්නවා. හොඳ සැමියෙක් හා විවාහ වෙලා, දරුමල්ලන් හදාගෙන ගෙවන සුන්දර ජීවිතයක් ගැන මහමෙර තරම් බලාපොරොත්තුවක් හිතේ තියෙනවා. පෙර පවක් නිසා පළමු විවාහය බිඳුණා. ආදරෙයි කියලා මම දැක්ක ලෝකය කඳුළු සාගරයක් වුණා. හැමදේම වෙන්නේ හොඳට කියලා අද මට හොඳ පෙම්වතෙක් ලැබිලා ඉන්නවා.
ඔහු ගැන දැනගන්න ආසයි?
අනේ තරහා වෙන්න එපා. ඒ ගැන දැන්ම කියන්න බෑ. එයා හුඟාක් හොඳ මහත්තයෙක්. බොහෝ දුරට මේ අවුරුද්ද අවසානේ අපි විවාහ වේවි

EmoticonEmoticon