2018 වසරේ සිට ඇස්බැස්ටස් තහඩු තහනම්

7:46 PM
පොලිතීන් සහ ඇස්බැස්ටස් තහඩු  භාවිතය වැලැක්විම සඳහා ලබන වසරේ සිට දැඩි නීතිරිති පනවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පරිසරයට සහ ජනතාවගේ සෞඛ්‍යට බලවත් තර්ජනයක් බවට පත්ව ඇති පොලිතීන් භාවිතය වැලැක්විමට ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට දැඩි නීති පනවන බවයි.
එමෙන්ම ඇස්බැස්ටස් ආනයනය සහ නිෂ්පාදනය 2018 වසරේ ජනවාරි 01 වනදා සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.
පිළිකා රෝග ව්‍යාපෘතියට ඇස්බැස්ටස් තහඩු ප්‍රබල සාධකයක් වී ඇති බවට සනාථ වි ඇති බව පෙන්වා දුන් මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිදු පෞද්ගලික සමාගමකට හෝ ආයතනයකට යටත් නොවි පොලීතින් සහ ඇස්බැස්ටස් තහඩු භාවිතයෙන් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව අවාධාරණය කර තිබේ

Share this

Related Posts

Previous
Next Post »