එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් පසුගිය පාර්ලිමේන්තුවට තේරීපත්වු තිලංග සුමතිපාල සහ ප‍්‍රභා ගනේෂන් යන මහත්වරුන් ද මෙවර පරාජයට පත්වී තිබෙනවා.
ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බණ්ඩාරනායක, සරත් කුමාර ගුණරත්න, රුවන් රණතුංග, උපේක්‍ෂා ස්වර්ණමාලි යන මෙවර මහමැතිවරණයේ දී පරාජයට පත්වුණා.
කළුතර දිස්ත‍්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන මහින්ද සමරසිංහ මහතා ද මෙවර පරාජයට පත්වී තිබෙනවා.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය යටතේ තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන වී.කේ ඉන්දික සහ නිරූපමා රාජපක්‍ෂ මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව නැහැ.

EmoticonEmoticon