
පවුල් දේශපාලනය ආසියානු රටවල බොහෝ ප්‍රසිද්ධ කරුණක්.
මෙරට සේනානායකවරු සහ බණ්ඩාරනායකවරු වැනි අතීත දේශපාලන පරපුරවල් ද එලෙස මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ හැටි දේශපාලන ඉතිහාසයේ සඳහන් වනවා.
මෙය ආසියානු රටවල දේශපාලනයේ එක් පැතිකඩක් ලෙස සැලකෙන අතර අපේ රටේ දේශපාලන සංස්‌කෘතිය සමග එය බද්ධ වී තිබෙනවා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද එලෙස ජයගත් පිය පුතු යුගල දෙකක් පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට නියමිතයි.
කුරුණෑගලින් වැඩිම මනාප ලබා ජයගත් මහින්ද රාජපක්ෂ මහතාත් හම්බන්තොට වැඩිම මනාපයෙන් ජයගත් නාමල් රාජපක්ෂ මහතාත් පියපුතුන් වන අතර එක්සත් ජාතික පක්ෂයෙන්ද එවැනිම පිය පුතු යුගලයක් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිතව සිටිනවා.
ඒ කළුතරින් ජයගත් රාජිත සේනාරත්න මහතා සහ ගම්පහින් ජයගත් චතුර සේනාරත්න මහතායි.
මහනුවරින් තරග කළ එස්.බී.දිසානායක මහතා සහ නුවරඑළියෙන් තරග කළ නාරද දිසානායක මහතා ද පියපුතුන් වුවද එස්.බී.දිසානායක මහතා පරාජයට පත්වුණා.
EmoticonEmoticon