රූපවාහිනී මුල් පුටුව රවීට

4:30 AM
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස රවී ජයවර්ධන මහතා පත්කර තිබෙනවා. මින් පෙර සභාපති ධූරය හෙබවූ සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ සභාපති තනතුර කළුතර ප්‍රදේශයේ නීතිඥයකු සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුද වන රවී ජයවර්ධන මහතාට හිමි වී ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති විශාරදයකු වන ජයවර්ධන මහතා එංගලන්තයේ ලැංකෂයර් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි. රූපවාහිනී සංස්ථාවේ කාලීන වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස ඒ මහතා ක්‍රියා කළ අතර එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වේ.


හොරණ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ලෙසද රවී ජයවර්ධන මහතා කලක් කටයුතු කළා.

Share this

Related Posts

Previous
Next Post »