දුමින්ද සිල්වා ඇතුළු 13කට එරෙහි නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

10:45 PM
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාගය සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කර ඇත්තේ, නීතිපති යූ. විජේතිලක මහතා කළ ඉල්ලීමක් අනුව ය.
මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා මෙම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වේ.

සෙසු විනිසුරුවන් ලෙස පද්මිණී රණවක ගුණතිලක මහත්මිය සහ එම්.සී.බීඑස්. මොයරායස් මහතා පත් කර තිබේ.
(newsfirest.lk)


Share this

Related Posts

Previous
Next Post »