ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් තැන්පත්කරුවන්
පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් අද දින විභාග කර අවසන්
කළා. අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක්
හමුවේ අද මෙම පෙත්සම් කැදවූ අවස්ථාවේදී ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට නැවත
මුදල් ගෙවීමේ රජයේ ක්‍රමවේදයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නා. මීට වසර 7
කට පෙර මෙම පෙත්සම ගෝල්ඩන් කී තැන්පත්කරුවන් පිරිසක් විසින් ගොනුකරනු
ලැබුවේ තම මුදල් ගෝල්ඩන් කී සමාගම වංචා කර ඇති බව පවසමින්. මෙහි
වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ එවකට සිටි මුදල් අමාත්‍යවරයා, ගෝල්ඩන් කී
සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 9 දෙනෙකු ඇතුලූ 17 දෙනෙක්.
ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත්කළ 9127 දෙනෙකුගේ රුපියල් මිලියන 26,000 ක මුදලක් මෙම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් වංචා කර ඇති බවයි පෙත්සමෙන් දක්වා තිබුණේ.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නේ තැන්පත්කරුවන්ගේ මුදලින් 41% ක කොටසක් අදියර 3 ක් යටතේ ගෙවා නිමකරන බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ නඩුව අවසන් කිරීමත් සමඟ වගඋත්තරකාර අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට පුද්ගලික වත්කම් භාවිත කිරීමේ නිදහසද හිමිවුණා. එමෙන්ම තැන්පත්කරුවන්ගේ මුදලින් 59% ක මුදලක් තවමත් ඔවුන්ට නොලැබීම නිසා එම මුදල ලබාගැනීම වෙනුවෙන් ඉදිරියේදී ගෝල්ඩන්කී සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව වානිජ මහාධිකරණයේ නඩු පැවරීමට සූදානම් බවද ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනි දුෂ්‍යන්ති හපුගොඩ කියා සිටියා.
පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් යළි ආපසු ලබාදීමේ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ වුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති උත්සවයකදියි. මේ අනුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන් වෙනුවෙන් රුපියල් බිලියන 2.6ක මුදලක් මේ වනවිට ගෙවා ඇති බවද ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනි දුෂ්‍යන්ති හපුගොඩ සඳහන් කළා.

(HiruNews)
EmoticonEmoticon