කබීර් හෂීම්ට එරෙහිව වාරණ නියෝගයක්

12:44 PM
ඌව පළාත් සභාවේ පුරප්පාඩුවූ මන්ත්‍රී ධූර දෙකකට පුද්ගලයින් පත්කිරීම වළක්වාලමින් එජාප මහලේකම් කබීර් හෂිම් මහතාට වාරණ නියෝගයක් පනවා තිබේ.

එම පළාත් සභාවේ මන්ත්‍රීධූර අපේක්ෂකයෙකු වූ ප්‍රදීප් විජේවර්ධන නමැති අයෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් කොළඹ දිසා අධිකරණය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පසුගියදා පැවති මහමැතිවරණයට ඉදිරිපත්වූ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ තවත් අයෙකු ජයග්‍රහණය කිරීමෙන් පසු එම පළාත් සභාවේ මන්ත්‍රී ආසන දෙකක් පුරප්පාඩුවී තිබේ.

සම්ප්‍රදායේ පවත්නා ලෙස ලැයිස්තුවේ මීළඟට මනාප ලබාගත් පුද්ගලයින්ට එම මන්ත්‍රී ආසන හිමිවිය යුතු වුවත් පක්ෂයේ මහලේකම් විසින් එම මන්ත්‍රීධූර සඳහා වෙනත් දෙදෙනෙකු පත්කිරීමට සූදානමක් ඇති බව තමාට දැනගන්නට ලැබුණු බව ප්‍රදීප් විජේවර්ධන නමැති අය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වා ඇත.

කරුණු සලකා බැලූ කොළඹ දිසා අධිකරණය විසින් සැප්තැම්බර් මස 09 වන දින දක්වා බල පැවැත්වෙන පරිදි එජාප මහලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

Share this

Related Posts

Previous
Next Post »