බිස්වාල් ජනපති වැඩපිළිවෙළ අගයයි

10:23 AM
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ සංහිඳියාව ගොඩනැංවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තරයට පිළිගත හැකි ලෙස ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් එහිදී බිස්වාල් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ප්‍රසාදය පළ කර ඇති බව සඳහන්ය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම සම්බන්ධයෙන්ද ඇය සිය ප්‍රසාදය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් සහ රටේ සාමය, සහජීවනය ගොඩනැංවීමට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව නිෂා බිස්වාල් මහත්මිය එහිදී ප්‍රකාශ කර ඇත.

ඊයේ පෙරවරුවේ දිවයිනට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය අද දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.
(adaderana)

Share this

Related Posts

Previous
Next Post »