මහින්දගේ පොරොන්දු විහිළු සහගතයි

4:47 PM
කුරුණෑගල දිස්ත්‍රික් එජනිස කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු ජනතාවට විහිළු සැපයීමේ අරමුණින් සකස්වූවක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසනවා .

මහින්ද රාජපක්ෂ මහතා විවාහ පත්වන යුවළක් සඳහා රුපියල් ලක්ෂ දෙකක් දෙන බව පවසන්නේ යැයි හෙතෙම කියයි. නමුත්, පසුගිය ආණ්ඩු සමයේ දී රාජපක්ෂ මහතා විවාහ ගාස්තුව පස් ගුණයකින් ඉහළ නැංවූ බව දැන් ඔහුටම අමතක වී ඇතැයි දයා ගමගේ මහතා පෙන්වාදෙයි.

මෙවැනි පොරොන්දු මගින් ඔහු උත්සාහ කරන්නේ ජනතාව රැවටීමට නම් ජනතාව තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතාගේ පොරොන්දු වලට නොරැවටෙන බව ද ඔහු මතකයේ තබා ගත යුතුයැයි දයා ගමගේ මහතා කියයි.
 
ඉදිරි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මගින් සියලුම බලපත්‍ර ලාභීන්ට සින්නක්කර ඔප්පු ලබාදෙන බව ද එය එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම තමාගේ ද යෝජිත වැඩපිළිවෙළේ ප්‍රමුඛ කාරණයක් බව අම්පාරේ පැවති ජන හමුවකදී දයා ගමගේ මහතා පැවසීය.

(adaderana)

Share this

Related Posts

Previous
Next Post »