ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවතට

8:18 PM
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අද (27) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා.


ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණවලදී ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා මෙම තහනම පනවනු ලැබුවා.

අදාළ වාරණ නියෝගය පනවා තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව ඉකුත් මාර්තු මස 9 වෙනිදායි. ගාල්ල වරායේ තිබී සොයා ගත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව ඔවුන් මෙම ඉල්ලීම කර තිබුණා.

එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ වූයේ සොයා ගත් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් පුපුරණද්‍රව්‍ය පනත, ගිනි අවි ආඥා පනත හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන්ට අපරාධ චෝදනා ගොනු කිරීමට අදහස් කරන බවයි. 

කෙසේ වෙතත් සැකකරුවන්ට අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් තොරතුරු විමර්ශනවලින් හෙළි වී නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කෙරුණේ ද ඒ අනුවයි.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng