බෙන්ජමින් නෙතන්යාහු සැප්තැම්බර් මාසයේ දී බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීමට නියමිතයි.බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ඩැමියන් මොරාන් විසින් මේ මස මුල දී අදාළ පෙත්සම බ්‍රිතාන්‍ය රජයේ වෙබ් අඩවියේ ඇතුළත් කර තිබුණි.
ඊශ්‍රායලය විසින් 2014 වසරේ ගාසා තීරයේ දී සිවිල් වැසියන් 2000කට වැඩි පිරිසක් සමුල ඝාතනය කර ඇති බව ඩැමියන් මොරාන් පෙන්වාදෙයි.මේ හේතුවෙන් ජාත්‍යන්තර නීතිය අනුව ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා අත්අඩංගුවට ගත යුතු බව පෙත්සමින් පෙන්වා දී ඇත.
පෙත්සමට අත්සන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ලැබුණහොත් එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක් සඳහා ගත හැකි කරුණක් බවට සැලකෙන බව සඳහන්ය.

EmoticonEmoticon