බොයිං 777 වර්ගයේ ගුවන් යානයක පියාපත් බවට බැලූ බැල්මට හඳුනාගත හැකි මෙම කොටස් මීටර් 2 ක් පමණ දිගකින් යුත්තයි.
රියුනියන් දූපත් වෙරළට ඔබ්බෙන් මෙම කොටස් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.
මෙම පුවත වාර්තාවීමත් සමග මැලේසියානු රජයේ බලධාරීන් ඇතුළු රටවල් ගණනාවක් මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹීමට උනන්දුවෙන් සිටිනවා.
ඉකුත් වසරේදී මාර්තු මස 08 වැනිදා මගීන් 238 දෙනෙකු රැගෙන ක්වාලාලාම්පූර් නුවර සිට පියාසර කරමින් තිබියදී පැය දෙකක් පමණ ගතවී යානය අතුරුදහන් වූයේ කිසිදු සාක්ෂියක් ඉතුරු නොකරමින්.
අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් රැසක් මෙම යානය සොයා එහි ගමන් මාර්ගයේ විවිධ ස්ථාන සෝදිසි කරමින් පරීක්ෂණ සිදු කළත් යානයට වූයේ කුමක්ද යන්න පිළිබඳව සැළකියයුතු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වුණා.
EmoticonEmoticon