මැ.කො නිලධාරින් කොළඹට කැඳවයි

10:07 AM
 සාකච්ඡාව පැවැත්වෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතරයි. දෙවන සාකච්ඡාව මැතිවරණ කොමසාරිස්වරයා සහ දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් අතර පැවැත්වෙනු ඇති.
මැතිවරණ නීති කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය සහ අඩුපාඩු පිළිබඳ මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමුකෙරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් මහතා පැවසුවේ. ඡන්ද විමසීම සහ ගණන් කිරීම් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මීට අමතරව ප‍්‍රතිඵල වගුගත කිරීම සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු ඒවා ප‍්‍රකාශයට පත්කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙන බවයි එම්.එම්. මොහොමඞ් මහතා වැඩිදුරටත් පැවසුවේ.

Share this

Related Posts

Previous
Next Post »