හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ මොණරාගල නාගරික ක්‍රීඩාංගණයේදී පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියේ දීත් අමාත්‍යවරු දෙදෙනෙකුට “හූ” කීමේ සිදුවීමක් වාර්තා වනවා.
ඇමැති ජගත් පුෂ්පකුමාර හා විජිත් විජයමුණි සොයිසා යන මහත්වරු රැස්වීම අමතන විට පැමිණි පිරිස 'හු'කීම නිසා ඔවුන් අපහසුතාවට පත්ව තිබෙනවා.
ජගත් පුෂ්පකුමාර මහතා හූ හඬ මැදින් කතා කළ අතර විජිත් විජයමුණි සොයිසා මහතාට කතාව අතරමග නතර කරගැනීමට සිදු වුණා.
ඔහු එහිදී කවියක් කියා කතාව නතර කළ අතර එම කවිය මෙසේයි.
'කොල්ලෙක් උපන්නොත් නරියකු හට දාව
උරුමයි ඔහුට උපතින් නරියගේ හූව
එම්බා කොල්ලනේ තොපි මට හූ කීව'
EmoticonEmoticon