හරක් හොරු අල්ලන්න දක්ෂිණ අධිවේගයේ සෝදිසි මෙහෙයුම්

10:14 AM
සුඛෝපභෝගී වෑන් රථ මගින් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගවයින් ප්‍රවාහනය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලූම වාහන විශේෂ පරීක්ෂා කිරීමකට ලක් කර ඇති බවයි අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාශය සදහන් කළේ. 

බලපත්‍ර රහිතව ගවයින් පටවාගෙන ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් පසුගිය 9 වැනිදා අත්අඩංගුවට ගත්තා. පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ අධිවේගී මාර්ගය හරහා මොවුන් ගවයින් ප්‍රවාහනය කර ඇති බවයි.

Share this

Related Posts

Previous
Next Post »