නාවික හමුදාවට වි‍රෝධය පා ඉන්දීය ධීවරයින් මුහුදු නොයයි

7:15 PM
ඉන්දියාවේ, රාමේෂ්වරම් හි ධිවරයින් පිරිසක් අද සිට ධීවර කටයුතුවලින් වැළකී සිටීමට පියවර ගෙන තිබේ. මෙරට නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සහ  ධීවර යාත්‍රාවලට සිදු කරන පහරදීම්වලට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.

මෙරට නාවික හමුදාව විසින් ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඉන්දිය ධීවර සංගම්වල නායකයින් 11 දෙනෙකු එක්ව අද සිට මෙම  වර්ජනය ආරම්භ කිරීමට  තීරණය කර තිබේ.

වසර කිහිපයක සිට පෝක් සමුද්‍ර සංදිය ආසන්නයේ ඉන්දීය ධීවරයින් ධීවර කටයුතු සිදු කළ ද ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් එල්ල වන පහරදීම් හේතුවෙන් තවදුරටත් එසේ කළ නොහැකි තත්ත්වයක් පවතින බව ඔවුන් පවසයි.

අත්අඩංගුවට ගත් ධීවරයින් නිදහස් කිරීමට අදාළ බලධාරින් කටයුතු කළ ද ධීවර යාත්‍රා යළි ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

(Ada derana)

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng