අපේ උරුමය සහ අගයන්ට වැඩි වටිනාකමක් ලබාදීම රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්
කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජාතික ආර්ථිකය ශක්තිමත්
කිරීමේදී ද එය ක්‍රියාවට නැංවීම රජයේ අරමුණයි. ජනාධිපතිවරයා මේ බව කියා
සිටියේ ඊයේ (17) පස්වරුවේ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
ශාලාවේ පැවති අනගාරික ධර්මපාල සැමරුම් 151 ක් වැනි උත්සවයට එක්වෙමින්.
1864 වසරේ සැප්තැම්බර් 17 වනදා උපත ලැබූ අනගාරික ධර්මපාල ශ්‍රීමතානන් මෙරට බෞද්ධ පුනරුදයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙනවා. අවිහිංසාව පදනම් කර ගත් දර්ශනයක් පිළිපදිමින් බුදු දහම ප්‍රචාරය කිරීමටත් මෙරට බෞද්ධ අධ්‍යාපනය නගාලීමටත් ධර්මපාල තුමන් කටයුතු කළේ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් සමඟ ද එක්වෙමින්. අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වන ඡන්ම සමරුවේ සිට 151 වන වසර දක්වා එනම්, 2014 වසරේ සිට 2015 වසරේ සැප්තැම්බර් 14 වනදා දක්වා අනගාරික ධර්මපාල වසර ලෙස ද නම් කරනු ලැබුවා.

(Hirunews)
EmoticonEmoticon