කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ - යාගොඩමුල්ල - මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවූ අතර එම ස්ථානයේදීම පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු මියගොස් සිට ඇත. කොළඹ දෙසින් පැමිණි මෙම ඩිෆෙන්ඩර් රථය පෞද්ගලික මගී බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් පෞද්ගලික බස් රථයක ගැටී තිබෙනවා. පසුව, එය ඉස්සර කිරීමට ගිය බස් රියේද ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරුන් 10 දෙනෙකු ඩිෆෙන්ඩර් රථයේ ගමන් කර තිබෙනවා.
මියගිය අය අතර පොලිස් පරීක්ෂකවරියක් ද සිටින බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූ සෙසු පොලිස් පරීක්ෂකවරුන් 6 දෙනා සහ බස් රථයේ රියදුරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහරෝහලට ඇතුළත් කෙරුණා. අනතුරින් තුවාල ලැබූවන් අතර කාන්තා පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකු වෙයි. තුවාල ලැබූ එක් පොලිස් පරීක්ෂකවරයෙකුට හදිසි ශල්‍යකර්මයක් ද සිදුකළ බවයි වාර්තා වන්නේ.






EmoticonEmoticon