ජයලලිත‍ාගේ ලංකාවට එරෙහි යෝජනාවක් සම්මතයි

5:01 PM
ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු යැයි කියමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් අද ඉදිරිපත් කළ යෝජනාවක් සම්මත වී තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් එම යෝජනාව සම්මත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකර දේශීය පරීක්ෂණයකට අමෙරිකාව සහය පළ කිරීම ගැනද එහි සඳහන්ව ඇති අතර එමගින් දක්වා ඇත්තේ එයට එරෙහිව ඉන්දීය රජය මැදිහත්වී පියවරක් ගත යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය සම්බන්ධයෙන් අමරිකාව දරන ස්ථාවරයට එරෙහිව විරෝධතාවයේ නිරතවූ පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ තිරුචි ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

විදුතලෙයි තමීෂ්  පලිහල්කච්චි, තමිසාර් විද්‍යාල කච්චි සහ තාන්තායි පෙරියර් ද්‍රවිඩ කසගම් යන දේශපාලන පක්ෂ සහ සංවිධාන වල ආධාරකරුවන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකරන ලෙසට බලකරමින් ඔවුන් එම විරෝධතාව පවත්වා ඇත.

විරෝධතාවයේ නිරත වූ 70ක පමණ පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලිස් ආරංචි මාර්ග සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

(adaderana )

Share this

Related Posts

Previous
Next Post »