සදෙව්මි දැරිය ගැන පරීක්ෂණ රහස් පොලීසියට

4:57 PM
කොටදෙණියාව ප්‍රදේශයේදී සේයා සදෙව්මි දැරිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්ෂණය වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර තිබීමත් ඇයගේ ගෙල සිරකර මරාදැමීමත් ගැන පරීක්ෂණ පවත්වන පොලීසිය මේවන විටත් භෞතික සාක්ෂි කිහිපයක් සොය‍ාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය දිනවලදී පවසා තිබුණා. නමුත් මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත හෝඩුවාවක් සොයාගැනීමට නොහැකිවී ඇති අතර  පොලිස්පතිවරයා විසින් එම පරීක්ෂණ කටයුතු රහස් පොලීසියට පැවරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවා.

Share this

Related Posts

Previous
Next Post »