ළමා නිවසක දැරියක් ජල භාජනයකට බිළිවෙයි

8:12 PM

කුරුවිට ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි අවුරුදු දෙක හමාරක දැරියක් නාන කාමරයේ ජල භාජනයකට වැටීමෙන් මියගොස් ඇත.

එම දැරිය වැසිකිළියට යාමෙන් පසු වතුර ගැනීම සඳහා නාන කාමරයට ගොස් ඇති අතර එහි තිබූ තරමක විශාල ප්‍රමාණයේ ප්ලාස්ටික් භාජනයකට වැටී මියගොස් ඇතැයි පොලිසිය පැවසුවා.

අහිංසා සිතුමිණි සහන්යා නැමැති දැරියක මෙලෙස මියගොස් ඇති අතර එම ළමා නිවාසයේ පාළිකාව විසින් සිද්ධිය ගැන කුරුවිට පොලීසියට පැමිණිලි කර තිබේ.

මව්පියන්ගේ රැකවරණය නොමැතිව සිටි මෙම දැරිය උසාවි නියෝගයකින් ළමා නිවාසයට බාරදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

Share this

Related Posts

Previous
Next Post »