ඔක්තොබර් මස 20 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සඳහන් කරමින් උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා මෙලෙස නොතීසි නිකුත් කර ඇති බව සඳහන්ය.
පළාත් සභා විමධ්‍යගත අරමුදල් යොදා දිළිඳු ජනතාවට සෙවිලි තහඩු බෙදා දීමේදී රුපියල් ලක්ෂ 09ක පමණ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට උතුරුමැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකාර සභානායක වරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත් මේ වන විට අවස්ථා 08කදී ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන්ය.
කෙසේවෙතත් අද දිනයේ සභානායකවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පතක් සළකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා අදාළ නියෝගය ලබාදී ඇත.
(adaderana)

EmoticonEmoticon