හංගේරියානු බලධාරීන් විසින්
සරණාගතයන්ට සිය අපේක්ෂිත ගමනාන්ත කරා යෑම නතර කරමින් පනවා තිබූ තහංචිඉවත් කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත සරණාගතයෝ ඔස්ට්‍රියාව සහ
ජර්මනිය බලා ගමන් ගනිමින් සිටිති.
සිරියානු අර්බුදයෙන් පළා එන
සරණාගතයන් සඳහා රැකවරණ දෙන බව ජර්මනිය ප්‍රකාශ කළ අතර තම රටේ දේශපාලන
රැකවරණ ඉල්ලා සිටීමට හෝ ජර්මනිය බලා ගමන් කිරීමට මෙම සරණාගතයන්ට ඉඩ දී ඇති
බවයි ඔස්ට්‍රියානු බලධාරීන් පවසන්නේ.
සිය ගණනක් සරණාගතයෝ මියුනික් නගරය වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීමත්, රස
කැවිලි සහ පානීය ජලය බෙදා දීමටත් ජර්මානුවන් විශාල පිරිසක් එක්ව සිටි බව
වාර්තා වේ.
.


EmoticonEmoticon