අ.පො.ස. උ/පෙළ ඇගයීම් අද සිට

10:32 AM
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ/පෙළ) විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර අද (12‍) සිට ලබන 25 වැනි දා දක්වා සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිම්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

මෙම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 7600ක් සහභාගි වන බවත් පාසල් 23ක් යොදා ගැනෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී පාසල් 8ක් සම්පූර්ණ වශයෙන් වසා තැබෙන අතර ඉතුරු පාසල් 17 හි කොටසක් මෙම ඇගයීම් කටයුතු සඳහා යොද ගන්නා බව සඳහන්.

දිස්ත්‍රික්ක 17ක නගර 20කදී මෙම ඇගයීම් කටයුතු සිදු කෙරෙන අතර මෙහි දෙවැනි අදියර ලබන 27 වැනි දා සිට ඔක්තෝම්බර් 08 වැනි දා දක්වා සිදු කෙරෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

Share this

Related Posts

Previous
Next Post »