ඉවතලන ප්ලාස්ටික් පෙට්රල් කිරීම ඇරඹෙයි

9:23 AM
ඉවතලන ප්ලාස්ටික් ඉන්ධන බවට හැරවීමේ පොලිප්ටෝ ලංකා කර්මාන්ත ශාලාව හොරණ පෝරුවදණ්ඩ අපනයන ප්‍රවර්ධන කලාපයේ දී ඊයේ (03) විවෘත්ත කෙරුණා. ඒ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්.

"මේ ව්‍යාපෘතිය අපි අගයන්න ඕන. මේ ව්‍යාපෘතිය මගින් ලැබෙන තෙල්, පිරිපහදුවේ දැවි තෙල් වලට සමානයි. මේක පරිසර හිතකාමීයි. ඒ නිසා මෙම ව්‍යාපෘතිය අපි රැකගත යුතුයි. කල් ගිහින් හරි තිරසාර විදිහට මෙය ඇතිවීම ගැන අපි සතුටු වෙනවා. මේ සඳහා මඩ ප්‍රහාර ගහන එක, දේශපාලන වේදිකාවේ කෑගහලා ඡන්ද ගන්න එක නෙමෙයි කරන්න ඕන. මේ වගේ ව්‍යාපෘති නංවාලන එකයි. මෙය ඉදිරියට ගෙන ආ යුතුයි. මෙය මහා පරිමාණ කර්මාන්තයක් බවට පත්විය යුතුයි. නාස්තිකාර සුදුකරපටි කාරයින්ට මේ ව්‍යාපාරය විනාශ කරන්න ඉඩ දියයුතු නැහැ. රට නවෝත්පාදන ආර්ථිකයක් තුළින් ඉදිරියට යන්න, තිරසර විසඳුමක් ලෙස මෙය රට තුළ ව්‍යාප්ත කළ යුතුයි. අපට උදව්කළ අයට මෙන්ම ගල් පෙරලපු අයටත් අපි ස්තුතිවන්ත වෙනවා, ඒ තුළින් මෙවැනි කාර්යයක් සඳහා අප ධෛර්යමත් කරවීම පිළිබඳව‍" යැයි පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉවතලන ප්ලාස්ටික් වලින් නිපදවීමේ ක්‍රමවේදය, ශ්‍රී ලාංකික නව නිපැයුම් කරුවෙකුවන ආනන්ද විතානගේ මහතාගේ සොයාගැනිමක් වන අතර මොරටුව විශ්ව විද්‍යාලය විසින් තාක්ෂණික දායකත්වය ලබාදෙමින්, එම කාර්යය අර්ධ ස්වයංක්‍රීය යන්ත්‍රාගාරයක් බවට පත්කර ඇත. එම යන්ත්‍රාගාරයේ ඉන්ධන නිපදවීමේ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම මෙහිදී සිදුකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා පැවසූයේ "රාජ්‍ය අනුග්‍රහය යටතේ, ඉවතලන ප්ලාස්ටික් වලින් ඉන්ධන නිපදවීමේ මහා පරිමාණ පළමු ව්‍යාපෘතිය මෙයයි. මෙහි විශේෂත්වය වන්නේ සියයට සියයක්ම දේශීය වීමයි. එනම් නිර්මාපකයා, තාක්ෂණික ඥාණය, උපදේශකත්වය, අරමුදල් සැපයීම මෙන්ම උපකරණ දේශීය වීමයි. මෙය අපේ රටේ ඉංජිනේරු ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක්. අපේ රට ගැන තිබෙන හීනදීන ආකල්ප වෙනස් කරන්න මෙමගින් ලැබෙනවා." යන්නයි.

01  03

Share this

Related Posts

Previous
Next Post »