
මහ මැතිවරණයෙන් පාරාජිත පුද්ගලයින් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් රිංගවීම සදාචාරාත්මක නොවන ක්‍රියාවක් බව කැෆේ සංවිධානය අවධාරණය කරනවා.
එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කලේ මෙලෙස පරාජිත අපේක්ෂකයින් ඡාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම මැතිවරණ පනතට අනුව සිදුවන්නක් බවයි.
මෙලෙස සදාචාරාත්මක නොවන ක්‍රියා වලට ජනතා විරෝධය මතුවිය යුතු බවත් එම විරෝධය ඔස්සේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සිදු කර මෙවැනි සදාචාර විරෝධි ක්‍රියා වළක්වාලීම දක්වා රට මෙහෙයවිය යුතු බවද තෙන්නකෝන් මහතා පෙන්වා දෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්දානය පරාජිතයින් 7 දෙනෙක් තම ජාතික ලැයිස්තුවට එක් කර ඇති අතර,ද්‍රවිඩ ජාතික සන්ධානය පරාජිතයින් දෙදෙනෙක් සහ ජවිපෙ සහ එජාප පරාජිතයින් එක් පුද්ගලයින් බැගින් ජාතික ලැයිස්තුවට එක් කර ඇති බවයි ඔහු පවසන්නේ.
එක්සත් ජාතික පක්ෂය සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට ලබා දුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුර සඳහා එම පක්ෂය නම් කර ඇත්තේ පරාජිත අපේක්ෂකයකු වන නවාවි මහතායි.
EmoticonEmoticon