රත්රන් දුම්රියක්,නිධානය ගන්නේ බලාගෙනයි

9:55 AM
රත්රන් පිරවූ බවට සැක කෙරෙන දුම්රියක් පොළව යට බංකරයක සිරවී තිබියදී හමුවී තිබෙනවා.රේඩාර් ඡායාරූපවලට හසුවී ඇති මෙම දුම්රිය හමුවී ඇත්තේ පෝලන්තයෙන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

වසර 70 කට පෙර ජර්මානු නාසි හමුදා විසින් රත්තරන්,මැණික් සහ තුවක්කු ප්‍රවාහනය කරමින් තිබුන බවට සැකකරන දුම්රියක් මේ ආසන්නයේ දී අතුරුදහන්ව තිබෙනවා.පෝලන්ත සංස්කෘතික බලධාරියන් සඳහන් කළේ මෙම දුම්රිය රේඩාර් ඡායාරූප වලට හසු වූ අතර එය නාසි රත්තරන් දුම්රිය ලෙස විශ්වාස කළ හැකි බවයි.

මෙම දුම්රිය තුළ බෝම්බ තිබිය හැකි නිසා එයට ලං නොවන ලෙස නිධන් සොයන කණ්ඩායම් වෙත පෝලන්ත බලධාරීන් අනතුරු ඇඟවීමක් ද කර තිබෙනවා.මෙම දුම්රිය විෂ සහිත ද්‍රව්‍ය ප්‍රවාහනය කළ එකක් වීමට ද ඉඩ ඇති බවයි පෝලන්ත බලධාරීන් වැඩිදුරටත් පවසන්නේ.

Share this

Related Posts

Previous
Next Post »