විහාරාධිපති හිමි නමක් ගෙළ වැළලාගනී

9:15 PM
පොළොන්නරුව - මැදිරිගිරිය දිවුලන්කඩවල කුසුම්පොකුණ ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන් අද දහවල් ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ කුසුම්පොකුණ ප්‍රදේශයේ යාය පන්සල, අග්‍රබෝධි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්. උන්වහන්සේ දිවුලම්කඩවල විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස ද සේවය කර තිබෙනවා.

මැදිරිගිරිය පොලීසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ උන්වහන්සේ විහාරස්ථානයේ ධර්ම දේශනා පවත්වන ස්ථානයෙහි ලණුවක ආධාරයෙන් බාල්කයකයේ එල්ලී සිය දිවි හානි කරගෙන ඇති බවයි. සිය පවුලේ සහෝදරයන් සමඟ ඇති වූ සිත් අමනාපයක් හේතුවෙන් උන්වහන්සේ මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව දැනට සිදුකර ඇති පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. 

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »